දියේ ගිලී විදේශිකයකු ජීවිතක්ෂයට


(තරංග ගුණරත්න)

වැලිගම පොල්අතු මෝදර ප්‍රදේශයේ මුහුදේ දිය නෑ බ්‍රිතාන්‍ය ජාතිකයකු අද (29) දහවල්  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

මෙසෙ  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික සුනිර් කුමාර් පටෙල් නැමැති 62 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ. මොහු පසුගිය 27 වැනි දින තම බිරිඳ සහ පවුලේ සහෝදරයකු හා සහෝදරියක් සමග වැලිගම පොල් අතු මෝදර ප්‍රදේශයේ සංචාරක ආයතනයකට පැමිණ ඇති අතර අද  (29) උදෑසන එම පෙදෙසෙහි  මුහුදෙහි දියනාමින් සිටියදී රළ පහරට ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.  

පස්වරුවේදී මළසිරුර රළ පහරට වැලිගම පැලෑන පෙදෙසෙහි වෙරළට ගසාගෙන විත් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.