දියබෙදුම රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්


(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව දියබෙදුම ග‍්‍රාමීය රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් ඉල්ලා ගම්වැසියෝ පිරිසක් අද (3) දියබෙදුම නගරයේ දී උද්ඝෝෂණයක නිරතවූහ.

දියබෙදුම සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව මේ උද්ඝෝෂණයට එක්ව සිටි අතර ගිරිතලේ-බකමූණ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු විරෝධතාවේ නිරතවුහ.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය.