දියතලාවේ වන වගා රක්ෂිතයක ගින්නක්


(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ අඩවි වන නිලධාරී  කාර්යාලයට අයත්, දියතලාව වයි  හන්දියට  නුදුරින් පිහිටි රජයේ වනවගා රක්ෂිතයේ අද (5)  ගින්නක්  පැතිර යමින් පවතින බව හපුතලේ අඩවි වන නිලධාරී පියල්  පෙරේරා මහතා පවසයි.

ගින්න නිවීම සඳහා එක්ව සිටින වන රක්ෂණ නිලධාරීන්  සඳහන් කළේ අක්කර 7-8 ක ප්‍රදේශයක් මේ වන විටත් ගින්නට හසුවී විනාශ වී ඇති  බවය.

දියතලාව හපුතලේ   අතර  දුම්රිය මාර්ගයට නුදුරින් ඊට ඉහළ බෑවුම්  ප්‍රදේශයක   මේ වන විට ගින්න පැතිර යමින් පවතී.

දුම්රිය  මාර්ගය ආසන්නයට ගින්න  පැමිණීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අඩවි වන නිලධාරී  පියල් පෙරේරා මහතා සඳහන් කරයි.