(හේමලතා ඞී හේවගේ )
පන්නල දික්කැලේ රජයේ රක්ෂිතයේ වල්ලපට්ටා කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු වල්ලපට්ටා කිලෝ ග‍්‍රෑම් 23ක්, කියතක්, මන්නා පිහියක් ඇතුඵ කැපීමට යොදාගත් උපකරණද සමඟ අත් අඩගුවට ගත් බව පන්නල පොලීසිය කියයි .
පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව ඊයේ (04) වැනිදා අත් අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 29, 32, 36, වයස් වල අය බවත් ඔවුන් කපන ලද වල්පට්ටා ඇහැලියගොඩ ප‍්‍රදේශයට රැගෙන ගොස් විදේශගත කිරීමේ ජාවාරමක නිරත ඇතිබවට පොලීසිය සැකපළ කරසිටී.
මොවුන්ගෙන් එක් අයෙක් මීට පෙරද කඵතර ප‍්‍රදේශයේදී වල්ලාපට්ට කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නියම කළ දඩයකට යටත්ව ඇති බවත් කරනලද පරීක්ෂණ වලදී අනාවරණයවී ඇති බවද පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අද 05 කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.