( එම් .සුසිල් ප්‍රියන්ත )
සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කලේ යයි කියන 43 හැවිරිදි දෙදරු පියෙක් අද (10 )රාත්‍රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි .
සැකකරු අපයෝජනයට ලක්වූයේ යයි කියන දැරියගේ නිවස ආසන්නයේ පදිංචි අයෙක් බවද පොලීසිය කියයි .
දැරියගේ මව මළගමකට ගොස් සිටියදි සැකකරු මේ දැරිය සිය නිවසට කැදවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද පොලීසිය කියයි .
සැකකරු අතින් ලිංගික අපයෝජනයට ලක්වූයේ යයි කියන සත් හැවිරිදි දැරිවිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි .
කරන්දෙණිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

