දැරිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට


 

(සම්පත් ප්‍රියනන්දන) 

තමන්ගේ  වයස  අවුරුදු  14 ක දැරිය අපයෝජනයට  ලක්  කල පියෙකු  අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ  පොලිසිය පවසයි. 

බලන්ගොඩ  හතරභාගේ  ප්‍රදේශයේ පදිංචි  47 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්  වි ඇතැයි  කියන දැරිය  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත්  සැකකාර  පියා  හෙට  (13) දා  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.