දරුවන්ට මාවා අලෙවි කළ අයකු අල්ලයි


(ඉන්දිකා රාමනායක)

තලවකැලේ සහ අවට ප්‍රදේශවල පාසල් සිසුන් ඉලක්ක කරගෙන මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයකු එම ප්‍රදේශයේ විදුහලක් ආසන්නයේ දී අත්අඩංගුවට බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගන්නා සැකකරු (46) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු අවස්ථාවේ ඔහු සතුව මාව නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54 ක ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ තලවකැලේ කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා තලවකැලේ පොලිසියට බාර දී ඇත.