(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බාලවයස්කරුන් යොදවා බලන්ගොඩ නගර සහ අවට ප්‍රදේශවල ඇති වෙළඳසල්වලින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා සොරකම මෙහෙය වූ ප්‍රධාන සැකකරු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ අමුපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් ඉකුත් දිනවල වයස අවුරුදු 15 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන් යොදවා වෙළඳසල්වලින් භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවන් ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව මෙලෙස සොරකම් මෙහෙය වූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.