දරුවන් නොසලකා හැරීයැයි මවක් රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

තම දරුවන්ට වදහිංසා කර ඔවුන් නොසලකා හැර අනාචාරයේ හැසුරුණ බවට චෝදනා ලැබූ මවක මේ මස 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත‍්‍රාත් අමරසේන හෙටිටිගේ මහතා අද (03) නියෝග කළේය.

වයස අවුරුදු තුනහාමාර සහ වයස අවුරුදු දහය වියෙහි පසුවන දියණියන් දෙදෙනකුට සහ වයස  අවුරුදු පහක පිරිමි දරුවකුට වදහිංසා පමුණුවා ඇතැයි එම කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට  ඉදිරිපත් කෙරිණ.

මෙම සැකකාර මව සමග අනාචාරයේ යෙදුණු බවට සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඇගේ සහෝදරියක්ද 12 වැනි දා තෙක් රිමාන්ඩි කිරිමටද නියෝග කෙරිණ.

දරුවන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කෙරිණ.