(ඩයනා උදයංගනී)
අවස්ථාවාදී දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පාසල් දරුවන් සහ දෙමාපියන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට උත්සාහ දරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ආරක්‍ෂාව මුල්කරගනිමින් ඇතැමුන් විසින් ගෙනයන ප්‍රෝඩාවන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බවත් පාසල් පරිශ‍්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප‍්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටී.
මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා පාසල් තුළ විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවා ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ඊයේ (22) දිනයේ දී කටයුතු කිරීම සම්බන්ධව අනාවරණය වූ තොරතුර කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශවකරුවන් විසින් සිදුකරනු ලබන දේශපාලන ප්‍රෝඩාවන්ට නොරැවටෙන ලෙසත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී වගකීමෙන් හා විචාරශීලීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය එහි දක්වා තිබේ.
අවස්ථාවාදී දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන උත්සාහයන් ද මෙම පූර්ව මැතිවරණ සමයෙහි පැවතිය හැකි හෙයින් ඒ සියලු ක‍්‍රියාකලාප කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් වෙත දැනුම් දී තිබේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි.