(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව ප්‍රදේශයේ හෝටලයක් වටලා ගණිකා සේවයේ නිරතවීමට පැමිණ සිටි බව කියන කාන්තාවන් 3 ක් හා ඒ සඳහා අනුබල දුන් අයකු අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි හෝටල් හිමිකරු හා කුරුණැගල පුත්තලම හා රත්නපුර පදිංචි 30-45 අතර වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකි.
දන්කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මාරවිල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලිමේදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.