( ජේ.කේ.එල්. චාමින්ද)
කොරෝනා වසංගතයත් සමග වසා දැමු දකුණු පළාතේ කොහු මෝල් 80ක් පමණ මේ වනවිට විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පොල් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත්භාර ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මහතා පවසයි.
දකුණු පළාත තුළ පොල් සංවර්ධන අධිකාරියේ නියාමනය යටතේ කොහු මෝල් 105ක් පමණ ඇති බව සදහන් කළ ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මහතා කොහුමෝලවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිම නිසා කොහු හා කොහුබත්වල කිසිදු හිගයක් නොමැති බව ද සදහන් කළේය.
එමෙන්ම දකුණු පළාතේ ඇති පොල්කටු අගුරු උදුන් නිෂ්පාදන ආයතන 23ම මේ වනවිට විවෘත කොට ඇති බවද හෙතෙම පවසයි.
කොරෝනා වසංගතයත් සමග කොහු හා කොහු ලණු මිල අඩුවි ඇති බවත් මේ නිසා කොහුමෝල් හිමියන් ගැටළු රැසකට ලක්ව ඇති බවද ඒ.ජි.එස් රංගජිව මහතා සදහන් කළේය. කොහු , කොහු බත් , කොහු ලුණු සදහා දකුණු පළාත තුළ නිශ්චිත වෙළද පොළක් නොමැතිවිම ප්‍රධාන ගැටළුවක් බවද හෙතෙම පෙන්වා දෙයි.
කොහු මෝල හිමියන් සදහා පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්විමෙන් වසර 07කින් ගෙවිමේ පදනම යටතේ උපරිම රුපියල් ලක්ෂ 20ක ණය මුදලක් ලබාදි තිබුනා. කොරෝනා වසංගතය නිසා ණය ලබාගත් කොහු මෝල් හිමියන් සදහා මාස 06 ණය වාරික ගෙවිමේ සහන කාලයක් ලබාදි තියෙනවා.ඒ ගැන කොහු මෝල් හිමියන් දැනුවත්කොට ඇති බවද රංගජිව මහතා සදහන් කළේය.