( ප්‍රසාද් මුතුකුඩ/ ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
දකුණු කොරියාවේ නිවසක ගින්නනකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය බේරාගෙන ශ්‍රි ලංකාවට ගෞරවනීය නාමයක් අත්කරදුන් කොරියාවේ රැකියාවේ නිරත නිමල්සිරි බණ්ඩාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද(25) විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධන්තත්වයෙන් විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
බණ්ඩාර මහතා අද(25) උදැසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි හරසරින් පිළිගනු ලැබීය.
පසුගිදා කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාර්ක් යම්ග් බම් මහතා ජානාධිපති මෛයිත්‍රිපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදි ද මෙම කරුණ සිහිපත් කරමින් ලාංකික ශ්‍රමිකයින් පිළිබදව ප්‍රසංසා කළ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
ඔහුට උපහාර තිළිණයක් පිරිනැමීම ද අමාත්‍යවරිය අතින් සිදුවිය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
(ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ)
වීඩියෝ - ශාන්ත රත්නායක