( ජයන්ත සමරකෝන්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේගොඩගම සිට මත්තල දක්වා කොටස විවෘත කිරීමෙන් අනතුරුව 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12 ත් ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12ත් අතර කාලයේදී ධාවනය වී ඇති වාහන වලින් රුපියල් ලක්ෂ 35 ක පමණ ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
මෙම මාර්ග කොටස ඉකුත් 23 වැනිදා විවෘත කෙරිණි.
මෙම පැය 24 ක කාලය තුළ කොළඹ මත්තල දක්වා ධාවනය වී ඇති වාහන සංඛ්‍යාව දස දහසකට ආසන්න බව ද එහි නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා කීය.
මෙම මාර්ගයේ එම කාලය තුළ ගමන් කර ඇති වාහන වැඩි වශයෙන් කතරගම වන්දනාවේ ගොස් අතැයිද එම අධිකාරිය සඳහන් කරයි.

