(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී අද(16) කුඩා ලොරියක් පෙරළීමෙන් එහි සහායකයා තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
මතුගම යටදොළ ප්‍රදේශයේ සිට සපුගස්කන්දට රබර් ෂීට් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මෙසේ අනතුරට ලක්ව ඇත.
පටවා තිබූ රබර් ෂීට් ප්‍රමාණය ලොරියට ඔරොත්තු නොදීමෙන් ලොරිය පෙරළී අනතුර සිදුව ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය.
ලොරි රථයේ සහායකයා ගිලන් රථයකින් නාගොඩ මූලික රෝහලට යොමුකර ඇත.



