(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ වැටී ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගත් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෝටර් රථයේ ඉදිරිපස පිටුපස සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි හානි සිදුවී තිබේ. මොවුන් ගාල්ල කරාපිටිය පදිංචිකරුවෝ වෙති.