චන්දන ප්‍රනාන්දු
දන්කොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ ලැඟුම්හලකට මුවාවී කාලයක සිට කරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 5 ක් එහි හිමිකරුව හා සේවය ලබමින් සිටි පුද්ගලයන් 5ක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල කටුනායක මාකඳුර හා හලාවත පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසැති කාන්තාවන් 5 දෙනෙක් හා දන්කොටුවේ පදිංචි 54 හැවිරිදි හිමිකරුවයි.
ගණිකා ජාවාරමක් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත පොලිස් උපයාදූතයකු යොදවා රුපියල් 2000 ට කාන්තාවක් ලබා ගැනීමට එම ලැඟුම්හලට ගොස් සිටියදී විනාඩි 10 ක් ඉන්නා ලෙසත් එහි සිටි සියලුම කාන්තාවන් කාර්යබහුල බව ලැගුම්හලේ කළමනාකරු ලෙස සේවය කළ හිමිකරු විසින් දැවීමත් සමඟම මෙම වැටලීම කළ බව පොලිසිය කීය.
මෙම කාන්තාවන් සියලුම දෙනා විවාහක දරුවන් සිටින අය බවත් ආර්ථික අපහසුතා නිසා මෙම රැකියාව සඳහා යොමු වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
වැටලීම සිදු කිරිමේදි කාමරවල සිටි කාන්තාවන් තිදෙනෙකු පිටුපස දොරකින් අඩ නිරුවතින් මාර්ගයට පැන පලා යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය කීය.