තොරතුරු දැනගැනීමේ පනත ගැන උතුරේ මාධ්‍යවේදීන් දැනුවත් කරයි


(රොමේෂ් මධුෂංඛ)

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එක්ව උතුරු පළාතේ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව එක් දින වැඩුමුළුවත් යාපනයේදී සංවිධානය කොට තිබුණි.

වව්නියාව , මුලතිව් , යාපනය ,කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ජීවත්වන මාධ්‍යවේදීන් වෙනුවෙන්  මෙය සංවිධානය කැරිණි.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව පොදු ජනතාව වෙනුවෙන් ලැබෙන අයිතීන් හා සේවාවන් මෙන්ම මාධ්‍ය වේදීන් වශයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගනිමින් ඉන් ජනතාව දැනුවත් කරන අකාරය පිළිබඳව මෙම වැඩමුලුවේදී සාකච්ඡා කරනු ලැබීය.