( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වි ඇති මහවැව තොඩුවාව වෙරළ තිරය ආරක්ෂා කර ගැනිමට මේ වන විට ගල්වැටි දැමිම අරඹා ඇති බව වෙරළ සංරක්ෂ ක දෙපාර් තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
වෙරළ ඛාදනය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය මිටර් 800 ක පමන දුරකට මුහුදේ සිට ගොඩ බිම දෙසට උග්‍ර ඛාදනයට ලක්වි තිබේ.
මෙම මුහුදු ඛාදනය හේතුවෙන් මේ වන විට තොඩුවාව මහජන ක්‍රිඩාංගනයේ විශාල භුමි ප්‍රමානයක් ඛාදනයට ලක්වි තිබේ.
ඒ සමගම නිවාස රැසක්ද මේ වන විට මුහුදට බිලි විමේ දැඩි අවධානමකට ලක්වි තිබේ .
ඒ සමගම පොල් ගස් රැසක් මේ වන විට මුහුදට බිලි වි අවසන්ය.
ඛාදනයට ඔරෝත්තු දෙන හදුනාගත් කාපට් විශේෂයක් අතුරා ගල් වැටි දැමිම ආරම්භ කර ඇති ආකාරය දැක ගත හැක.
කෙසේ නමුත් මේ වන විට ඛාදනය වැලැක්විම සදහා රැගෙන විත් වෙරළට දමා තිබු දැවැන්ත කළුගල් අධික රළ පහරත් සමග මුහුදට ගසා ගෙන තිබේන අයුරු දැක ගත හැකිය.
මේ පිළිබදව කල විමසිමේදි වෙරළ සංරක්ෂණ දෙපාර් තුමේන්තුවේ කොළඹ උතුර කලාපය භාර ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“ මේ හදිසි තත්වයක් නමුත් අපි කලින්ම මේ සදහා කටයුතු ආරම්භ කර තිබුනා .ඒ නිසා දැනට ඛාදනය උග්‍ර වි හානිය වැඩි වි ඇති තොඩුවාව මුහුදු සිමාව තුඵ පනා බැමී දැමිමට කටයුතු කර තිබේනවා .ඒ සදහා මිලියන 32 ක් ( ලක්ෂ 320 ) ක් යෙදවිමට නියමිතයි .
මේ එක් පනා වැටියක් සදහා මිලියන 4 ක් ( ලක්ෂ 40 ක් වැය වෙනවා .අපි කඩිනමින් වෙරළ ආරක්ෂා කරන කටයුත්ත සිදුකරමින් සිටිනවා යැයි පැවසිය.