(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද සිට මහනුවර දක්වා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව කඳන් 54 ක් සැකකරුවකු ද සමඟ අද (12) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක තරුණයෙකි.
පොලීසිය වෙත ලද තොරතුරක් මත සැකකරු සහ දැව තොගය පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රිදීමාලියද්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


