තෙල්මිල ඉහළ දැමීමට එරෙහිව ඇහැටුවැව උද්ඝෝෂණයක්


(නිහාල් ජයවීර)

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නිහඬ උද්ඝෝෂණයක් ඇහැටුවැව නගරයේ දී අද ( 16) පෙරවරුවේ පැවැත්විණි .

සමගි ජන බලවේගය පක්ෂය මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණු අතර උද්ඝෝෂණයට සම්බන්ධ වු අය විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමණ කාලයක් නිහඬව සිය විරෝධය පළ කළහ .

" වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු," "රාජපක්ෂ ශාපේ ජනතාවට විනාශේ" , "රජ පවුලට සැප ජනතාවට දුක" , ආදි සටන් පාඨ මේ පෝස්ටර්වල ලියා තිබිණ .