(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය ජලාශයේ මසුන් මැරීමට තෙප්පමෙන් ගමන් ගනිමින් සිටි ධීවරයකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී අද(15) මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය 10 කණුව පදිංචි 65 හැවිරිදි ඇන්ටන් මයිකල් පෙරේරා නැමති සිව් දරු පියෙකි.
වසර 50 කට ආසන්න කාලයක් ධීවර රැකියාවේ නිරත පළපුරුදු ධීවරයකු වන මොහු කරදිය ධීවර කර්මාන්තයේද නිරත වූ අයෙති. කොට්ටුකච්චිය ජලාශයේ වසර 20 කට ආසන්න කාලයක් මසුන් මැරීම සඳහා ගිව අයෙකු බවද පොලිසිය කියයි.
ධීවරයා මසුන් ඇල්ලීමට දැමූ දැලක් රැගෙන ඒමට තෙප්පමින් යමින් සිටියදී එය එකවර පෙරළීයාමේන් දියේ ගිලී මියගොස් ඇත.
දැඩි පරිශ්‍රමයකින් ධීවරයා ගොඩ ගන්නාවිටත් මරණයට පත්ව සිටි බව ආණමඩුව පොලිසිය පවසයි.


