තුම්බිකුළම වැනසූ තුනක් අත්අඩංගුවට


(සංජය මධුශාන්)

හබරණ පළුගස්වැව තුම්බිකුළම රක්ෂිතයේ දැව ඉරමින් සිටි  බව කියන පුද්ගලයින් තිදෙනකු අද(30) අත්අ‍ඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.

හබරණ පොලිසීයේ බුද්ධි අංශයට ඊයේ(29) සවස ලැබුණ තොරතුරකට අනුව පොලිස් ස්තානාධිපති වසන්ත පිටිගල මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් 02ක් හබරණ දාහතරකන්ද ප්‍රදේශයෙන් හා පළුගස්වැව ප්‍රදේශයෙන් තුම්බීකුලම වනාන්තරයේ දැව ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම් ඇරඹීය.
වනාන්තරයේ කිලෝමිටර 10 ක පමණ දුර ගෙවා යාමෙන් පසු ඇසුණූ යාන්ත්‍රික අත් කියතකින් නිකුත් වූ හඬ ඔස්සේ හඹාගොස් ලී ඉරමින් සිටි තිදෙනකු පැය  6 ක පමණ මෙහෙයුමකින් පසුව අත් අඩංගුවට ගත් අතර ඒ වන විට තේක්ක ලී අඩි 100 කට ආසන්නව ඉරා තිබු බව පොලීසිය පවසයි. 
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.