තීන්ත කම්හලකට එරෙහිව විරෝධතාවක්‍


(උපාලි රණවීර)
 
ගම්පහ, විළිඹුල සරන්වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බව කියන තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසී ජනතාව අද(29)  මල්කැලේ හන්දියේදි විරෝධතාවයක නිරත වුහ.
                               
හේනේගම ආරම්භ කර තිබූ මෙම තීන්ත කම්හල ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව හේතුවෙන් ඉවත්කර මෙම ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම්වෙමින් සිටින බව විරෝධතාවයේ නියුතු ජනතාව පැවසුහ.
                                   
මෙම කර්මාන්තය ආරම්භ කළහොත් රසායනික ද්‍රව්‍යවලින් හා අපවිත්‍ර ජලය බැහැර කිරීමෙන් පරිසරය විනාශ වී මිනිසුන්ගේ සෞඛ්‍යයටද තර්ජනයක් වියහැකි බවද ජනතාව පැවසූහ.
                             
මෙම අවස්ථාවට සහභාගී වූ මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කරස්නාගොඩ මහතා පැවසුවේ තම ගම් ප්‍රදේශය විනාශ කිරීමට පැමිණි මෙම ව්‍යාපාරය තමා දිවි පරදුවට තබා නවතන බවය. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් මෙම සටන ක්‍රියාත්මක කරන බව දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී විතානගේ සුදරමී මහත්මිය පැවැසුවාය.                                                
 
‍මෙම අවස්ථාවට දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාජා ලක්ෂ්මන් මහතා ඇතුළු ප්‍රදේශවාසීහු 200ක් පමණ සහභාගී වූහ.