( සමන් කේ ගමගේ )
නුවරළියේ සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබු බසයක් තිරප්පනේ ප්‍රදේශයේදී මාර්යෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කොන්ක්‍රීට් නිෂ්පාදන වැඩබිමක ප්‍රදර්ශනයට තබා තිබූ කොන්ක්‍රීට් නිෂ්පාදන ගොඩක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් සුවසැරිය ගිලන්රථයකින් අනුරාධපුර රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේය.