තිරප්පනේ ගොවියෙක් හිටි හැටියේ මිය යයි


(සමන් කේ. ගමගේ)

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනමල්උයන ප්‍රදේශයේ පදිංචි ගොවියකු තම හේනේ බඩඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා  ගසක් උඩ පැළක් අටවමින් සිටිය දී බිමට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි කැකිරාව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වනමල්උයන ප්‍රදේශයේ පදිංචි රංජිත් පද්මසිරි නැමැති දෙදරු පියෙකි.

මොහු තම බිරිඳ සමඟ ඊයේ (15) දින බඩඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා උඩ පැලක් ඇටවීමේ අරමුණින් වනමල්උයන  මීගැස්සෑගම පිහිටි හේන් යායට ගොස් තිබේ.

එහිදි එදින සවස 5 ට පමණ උඩපැල අටවමින් සිටිය දී මොහු එකවරම පොළොවට ඇද වැටී ඇත.

පසුව අවට හේන්වල සිටි ගොවි මහතුන්ගේ ද සහය ඇතිව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණ. මොහු ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.