(එම් .සුසිල් ප්‍රියන්ත)
කරන්දෙනිය දිවියගහවෙලදී අද (6) සවස තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කරන්දෙනිය දිවියගහවෙල පදිංචි සමන් සිරිවර්ධන නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මේ ඝාතනයට පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ යැයි තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
වල් ඌරන් මැරීම සඳහා විදුලිය ඇදීමක් සම්බන්ධ ප්‍රශ්නයක් මේ ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය කීය.
මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති බවත් ඔවුන් දෙදෙනාට පලා යාමට අනුබලදුන් ත්‍රීරෝද රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙනිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.