තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ   ඇල්ල  වැරහුන්න මාර්ගයේ දි තියුණු   ආයුධයකින්    කපා කොටා පනස් නව හැවිරිදි පුද්ගලයකු  අද (24)   උදැසන  ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.

මාවෙල ග්‍රාම සේවා වසමි පදිංචිව සිටි  ඇල්ල හතනලාගේ ගුණරත්න නැමැති  පනස් නව හැවිරිදි  තිදරැ පියෙකු  මෙලෙස ඝාතනය කර ඇත.
ඝාතනය  සිදුකලායැයි සැකකෙරෙන  පුද්ගලයා  අද   (24) දා බලන්ගොඩ පොලිසිය වෙත භාර වි ඇති බවද පොලිසිය කියයි.

ඝාතනය කිරිමට හේතුව  මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.