තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි


(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආන්නද )

බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17 )රාත්‍රියේදි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බද්දෙගම පොලීසිය කියයි .

මෙසේ ඝාතනය වී අත්තේ බද්දෙගම පදිංචි 27 හැවිරිදි තරුනයකු බව බද්දෙගම පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තා අසල්වාසි මළගමකට සහභාගි වි ආපසු සිය නිවස කරා එමින් සිටියදී දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධ වලින් පහරදි ඝාතනය කර ඇති බවද පොලීසිය කියයි.

මේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

බද්දෙගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.