(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
මුවෙකු මරා මස් කිලෝග්‍රෑම් 52 ක් සන්තකයේ තබාගත් බවට වරද පිළිගත් අයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරිමට හෙට්ටිපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් පාතිමා සහානා මහ්පි මහත්මිය අද (5) නියෝග කළාය.
මෙලෙස වරද පිළිගත්තේ විලත්තව මුගුණුවටවන පදිංචි බී.ඒ. සරත් ගාමිණී (52)නැමැති අයෙකි.
බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථ රක්ෂිත ප්‍රදේශයේ දී පසුගිය ජූනි 3 වැනි දා හෝ ඊට පෙරදිනක ආරක්ෂක ක්ෂීරපායි සතෙකු වන තිත් මුවෙකු ඝාතනය කිරීම සහ මස් ළඟ තබාගැනීමේ වරද මත අදාළ පුද්ගලයා නිකවැරටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.