පුත්තලම - ජුඩ් සමන්ත.
හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍යය සමය වෙනුවෙන් තාවකාලිකව ඉදිකරණු ලබන ව්‍යාපාරික ස්ථාන සදහා අධික බදු මුදලක් අය කිරීම නිසා තමන් දැඩි අපසුතාවයට පත්ව සිටින බව එම ව්‍යාපාරිකයින් සදහනස් කරයි.
මාසකය පමණ කාලයක් මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍යය සමය පැවතියත්,දේවස්ථානය අවට ජනාකීර්ණ වන්නේ සහ වෙළදාම් කටයුතු සිදු කළ හැක්කේ අවසාන සති දෙකක පමණ කාලයක් බව එම ව්‍යාපාරිකයින් කියයි.හලාවත - කුරුණෑගල මාර්ගය දෙපස ඇති භූමිය වර්ග අඩියක් සදහා රුපියල් 8500 ක් වැනි මුදලක් ඒවායේ හිමිකරුවන් විසින් ලබා ගන්නා බවද ඔවුන් කියා සිටිති.පසුගිය වසරේ වර්ග අඩියක මිළ වූයේ රුපියල් 6500 ක් බවත්,මේ වන විට මිළ ඉහළ ගොස් තිබීම දරා ගත නොහැකි බවද තාවකාලික ව්‍යාපාරිකයින් සදහන් කරයි.කිසිදු පහසුකමක් නොමැතිව භූමියට පමණක් මෙතෙරම් මුදලක් අය කිරීම යුතුක්‍රියාවක් නොවන බවද ඔවුන් කියා සිටිති.

