(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)
වළහන්දුව ඊරියගහවිල ප්‍රදේශයේ පිහිටි තාක්ෂණික නිලධාරියකුගේ නිවසක් බිඳ නිවසේ තිබූ රුපියල් එක් ලක්ෂ විසිදහසක් පමණ වටිනා ලැප්ටොප් පරිඝණකයක් හා රුපියල් 49000ක් වටිනා එල්. ඊ.ඩි වර්ගයේ රුපවාහිණි යන්ත්‍රයක් සොරකම් කරගෙන ගොස් ඇති බව අක්මිමන පොලීසිය පවසයි.
නිවෙස් හිමියා නිවසින් බැහැරව ගොස් නැවන පස්වරුවේ නිවසට පැමිණ තිබේ. එසේ පැමිණ අවස්ථාවේ නිවසේ වහලයේ උළු ඉවත්කොට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩුව කඩා නිවසට ඇතුල් වු අයෙකු මෙම සොරකම කොට ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
නිවසේ සාලයේ තිබූ මෙම උපකරණ සොරකම් කරගෙන ගොස් ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. අක්මිමන පොලීසිය මෙම සොරකම පිළිබඳ පරික්ෂණ පවත්වයි.