( උපාලි ආනන්ද )
ස්විස්ටර්ලන්ත විශ්ව විද්යාල සිසුවියක (22) බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින ත්රිරෝද රථ රියදුරුවරයකුගේ ඇප ඉල්ලීම අනුරාධපුර වැඩ බලන මහේස්ත්රාත්වරයා විසින් අද (22) තරයේ ප්රතික්ෂේප කරනු ලැබීය.
සැකකරු හෙට (23) දක්වා තවදුරටත් රිමාන්ඩ් කෙරිණි.
අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් එම සිසුවිය පැහැර ගෙන ගොස් සිර කර තබාගෙන දූෂණය කර ඇතැයි අධිකරණයේදී මීට පෙර කියැවිණි.
සැකකරුගේ රුධිර සාම්පල ඞී.එන්.ඒ පරික්ෂණයක් සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට යවන ලෙසටද නියෝග කෙරිණ.

