ත්‍රි‘මලේ නිදැල්ලේ සැරිසරන මුවන්ට උද්‍යානයක්


අමදෝරු අමරජීව 
 
ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්ට වන අනතුරු වලින් එම සතුන් රැකගැනීම සඳහා උද්‍යානයක් ඉදිකරන බව ත්‍රිකුණාමලය නගරාධිපති නාගරාසා රාසනායගම් මහතා පැවසීය.


බ්‍රිත්‍යානය යටත් විජිත සමයේ සිට ත්‍රිකුණාමලය කොටු පවුර කේන්ද්‍ර කරගනිමින් ජිවත් වන මුවන් විවිධ අනතුරු නිසා මිය යන අතරම ආහාර හා වාසස්ථාන අහිමිව යෑමේ ප්‍රවණතාවයක් පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. 


නගරයේ අලංකාරයට වටිනා සම්පතක් බවට පත් වී ඇති මෙම මුව ග්‍රහණය රැක ගැනීම සඳහා ජල පොකුණ හා තෘණ වර්ග සහිත උද්‍යානයක් කොටුව පාරේ  සංඝමිත්තා විශ්‍රාම ශාලාවට යාබද ඉඩමේ ඉදිකිරිමට නියමිතය.


ත්‍රිකුණාමලය තොග එළවළු වෙළඳපොලේ ඉවතලන එළවළු සතුන්ගේ ආහාරය සඳහා ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව ද නගරාධිපතිවරයා තවදුරටත් පැවසීය.