(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය උතුරු අධ්‍යාපන කලාපයට අයත් ගෝමරන්කඩවල මැදවච්චිය විද්‍යාලයේ ගුරු හිඟයට බලධාරින්ගෙන් විසඳුම් නොලැබීමට එරෙහිව අද (23) දෙමව්පියෝ ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී උද්ඝෝෂණයක නිරතවුහ.
එහිදි උද්ඝෝෂණයට පැමිණි දෙමව්පිය පිරිසක් ආණ්ඩුකාර කාර්යාලයට ඇතුළුවීමට ගත් උත්සහයක් පොලිසිය ව්‍යාර්ථ කිරිමට යෑමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
වරෙක ප්‍රධාන මාර්ගය හරස්කර මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණයේ නියැලීම නිසා එම මාර්ගයේ වාහන ධාවන කටයුතු ද තාවකාලිකව නැවැතිණි.
මෙම දෙමව්පියන් දරුවන් පාසල් යෑම නවත්වා කළු කොඩි ඔසවාගෙන පාගමනින් පැමිණ උද්ඝෝෂණයේ යෙදිම ද විශේෂත්වයකි.