ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් රෝහලේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම පාලවියේ දී අද (15) ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමේන් එක් අයකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
 
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පුත්තලම  පදිංචි ලාල් කුමාර (31)  නැමති අයකු බව කියයි.
 
පාලවිය දුම්රිය මාර්ගය වසා තිබියදී දුම්රිය ගේට්ටුවද, කඩා ගෙන ගොස් ත්‍රි රෝද රථය පුත්තලම සිමේන්ති සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රියේ පෙට්ටියක ගැටී ඇති බව කියයි.
 
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව ඇත.
 
අනතුර සම්බන්ධව පුත්තලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.