(ක.ග. කරුණාරත්න )
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සේවාගම ප්‍රදේශයේදී 80 හැවිරිදි පුද්ගලයෙකු පාර හරහා මාරුවීමට ගිය අවස්ථාවේ ත්‍රිරෝද රථයක හැපීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව,පලුගස්දමන,තුනේ ඇල අංක179 ලිපිනයේ පදිංචි ගමඅධිකාරී මුදියන්සේලාගේ රණසිංහ බණ්ඩා(80) නැමැති අයෙකි.
අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහිදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කලේය.
මියගියඅයගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද(12)පැවැත්වීමට නියමිතය.
ත්‍රිරෝද රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.