( අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් කොටසක් එම ඉඩම්වලින් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් පවතින බැව් කියමින් එම පදිංචිකරුවන් අද (29) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලිණි.
1975 වසරේ සිට පදිංචි තම ඉඩම් 1984 දි වරාය ඉඩම් බවට ගැසට් කර ඉකුත් දින වල එම ඉඩම් වරාය අධිකාරිය සතු ඉඩම් බවට නාම පුවරුවක් යොදා ඇතැයි උද්ඝෝෂකයෝ පැවසුහ.
මෙම ඉඩම් වරාය අධිකාරි සතු ඉඩම් බවට පවසා තමන්ව ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් දියත් වන බව උද්ඝෝෂකයෝ මෙහිදි පැවසුහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම දිසාපති කාර්යාල පරිශ්‍රය තුළ පැවැත්වෙන අවස්ථාවේදි සිදුවු මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් කරුණු දැක්වු දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා පැවසුවේ අදාල ඉඩම් වලින් එම පිරිස් ඉවත් නොකරන බවය.
එම ඉඩම් වරාය ඉඩම් ලෙස ගැසට් කර ඇති බවත් එම ගැසට් නිවේදනයෙන් ඉඩම් නිදහස් කර ගැනිමෙන් පසු එම අයට ලබාදිමට කටයුතු කරන බැව් කීය.