තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් අල්ලයි


( රංජිත් රාජපක්‍ෂ )

මෙරට තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු කිලෝ 75ක් සමග සැකකරුවකු අද (30) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.

පාසල් ළමුන් සහ වතු ප‍්‍රජාව  ඉලක්ක කර ගනිමින් තලවාකැලේ නගරයේ වෙළෙඳසලක බුලත් විට වශයෙන් හා පැකට් වශයෙන් සකස් කර මේවා විශාල මුදලකට අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇත.

මෙම මාවා නැමැති මත්කුඩුවලට විවිධ රසකාරක හා විවිධ වර්ණ යොදා ගනිම්න් බුලත් විටට මිශ‍්‍රකර විකුණා ඇතැයි තලවාකැලේ පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා පවසයි.

එම බුලත් විට මිලදි ගැනිමට වතුකමිකරුවන්ගෙන්  දැඩි ඉල්ලූමක් පවතින බව මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වී තිබේ.