තලවකැලේ වටගොඩවත්තේ විරෝධතාවක්


(ශාන්ත චන්ද්‍රසිරි)

වතු වෘත්තීය සමිති නියෝජිතයෙකු විසින් වතු නිලධාරීවරයෙකුට පහරදීමක් සිදු කරන ලද බව පවසමින් ඊට විරෝධය පාමින් තලවකැලේ, වටගොඩ වත්තේ වතු නිලධාරීන් අද (14) විරෝධතාවයක නිරතවුහ.

වතු නිලධාරීන්ට මෙසේ පහරදීමෙන් වතු සේවා කටයුතු සිදු කරගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බවත් වතුවල පවතින මෙම තත්ත්වය වහාම නිවරදි විය යුතු බව විරෝධතාවයේ නිරත වතු නිලධාරීහු පවසති.

වටගොඩ වතුයායේ වතු නිලධාරීන් 40 ක පමණ පිරිසක් විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වතු කාර්යාලය ඉදිරිපිටට එක්රැස්ව මෙසේ විරෝධතාවයේ නිරතවුහ.

පහරදීමට ලක් වු බව කියනු ලබන  වතු නිලධාරීවරයා රෝහල් ගත කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ වතු වෘත්තීය සමිති නියෝජිතයා තලවකැලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.