රංජිත් රාජපක්ෂ
වටගොඩ සිට තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදුවී ඇති බව තලවකැලේ පොලිසිය කියයි.
අද (04) මෙම අනතුර සිදුවී ඇත්තේ තලවකැලේ පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදීය.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණයත් සමඟම වෑන් රථය ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරලි ඇති බවත් අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියයි.