තලවකැලේ ග්‍රේට්වෙස්ටන් කඳුවැටියේ ගින්නක්


(ශාන්ත චන්ද්‍රසිරි)
 

තලවකැලේ ග්‍රේට්වෙස්ටන් කඳුවැටියේ අද (09) සවස ගින්නක් හටගෙන ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
 
ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේ හට ගෙන ඇති ගින්න මේ වනවිට කඳුවැටියේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරයමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.
 
තවදුරටත් ගින්න පැතිරී ගියහොත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටත් බාධා එල්ල වියහැකි බව ඔවුහු කියති.
 
කිසියම් පිරිසක් කඳුවැටියට ගිනි තබන්නට ඇතැයි තලවකැලේ පොලිසිය පැවසීය.
 
අති සංවේදී පරිසර කලාපයකින් සමන්විත ග්‍රේස්වෙස්ටන් කඳුවැටිය ජල උල්පත් රැසක තෝතැන්නක් බවත් කඳුවැටියේ දැනට පැතිරී යන ගින්න පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.