තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ බස් රථ වර්ජනයක්


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධානවය කරනු ලබන සියලු ම පුද්ගලික බස් රථ රියැදුරුවරු ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් අද (11) නිරත වූහ.

එම මාර්ගයේ ධාවනය කරනු ලබන බස් රථයක රියදුරුවරයෙකුට හා සහායකවරයකුට නුවරඑළියේදි කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද පහරදීමකට විරෝධය පාමින් එම මාර්ගයේ ධාවනය කරනු ලබන බස් රථ 14 ක් ධාවනයෙන් ඉවත්ව මෙසේ වර්ජනයේ නියලී සිටිති.

පහරකෑමට ලක් වු බස් රථ රියදුරා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව මේවනවිට ප්‍රතිකාර ලබති.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම මාර්ගයේ ධාවනය කරනු ලබන සියළුම බස් රථවල හිමිකරුවන් නුවරඑළියට කැදවීමට නුවරඑළිය පොලීසිය පියවර ගෙන තිබිණි.

බස්රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ මගී ජනතාව විශාල දුෂ්කරතාවයන්ට ලක්ව සිටියහ.