තරුණියක අපයෝජනය කළැයි පොහොට්ටු මන්ත්‍රීගේ පුතා රිමාන්ඩ්


(ඔගස්ටින් ප්‍රනාන්දු)          

තරුණියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු දෙසැම්බර් 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අංක අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (10) නියම කළේය.

මෙසේ බන්ධනාගාර ගත කරණු ලැබුයේ මාම්පුරි දළුව ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසුරිය කසුන් නිරෝෂන ප්‍රනාන්දු ( 31 ) නමැති දෙදරු පියෙකි.

සැකකරු ඔහුගේ නිවස අසළ පදිංචි  17 හැවිරිදි  තරුණියකව  ඇගේ නිවසට බලෙන් ඇදගෙන ගොස් බලහත්කාරයෙන් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධියෙන් පසු සැකකරු දින පහක පමණ කාලයක් පොලිසියෙන් සැඟවී සිටි අතර ඊයේ (9) ඔහු මාම්පුරි දළුව ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.

නොරෝච්චෝලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.