තම පක්ෂයෙන් ඉවත්වී සජිත්ට සහය වන බව දිඹුලාගල ප්‍රා.සබා මන්ත්‍රී කියයි


(නිමල් ජයරත්න)
 
තම පක්ෂයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය උදෙසා කි‍්‍රයාකාරීව මැදිහත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දිඹුලාගල ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී උදාර සඳරුවන් මහතා පැවසීය.
 
උදාර සඳරුවන් මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ එකම මන්ත‍්‍රීවරයාද වේ.
 
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසීමකදි උදාර සඳරුවන් මහතා පැවසුවේ තමා පක්ෂයෙන් ඉල්ලා අස් වී මේ වනවිට දිඹුලාගල සජිත් පරපුර යනුවෙන් තරුණ සංවිධානයක් පිහිටුවා පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරන බවයි.
 
ඒ අනුව ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට තමා වටා සිටින සියලු තරුණ බල කඳවුරු මෙන්ම සාමාජිකයන් දායක කර ගන්නා බවද සඳරුවන් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.