(අනීෂා මානගේ)
හම්බන්තොට මහ රෝහලේ හෙද නිලධාරීන්ගේ වර්ජනයට සහය පළකරමින් අද(6) තංගල්ල මූලික රෝහලේ සියලු හෙද - හෙදියෝ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙම විරෝධතාව තංගල්ල මූලික රෝහලේ හෙද එකමුතුව විසින් සංවිධානය කර තිබිණි.
හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියන්ගේ නිල නිවාසය වෙනත් කාර්යය මණ්ඩලයකට ලබාදීමට විරෝධය පළකළ හෙද නිලධාරීහු නිල නිවාස ඔවුන්ට ලබාදෙන්නැයි පැවසූහ.
මාසයක පමණ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුව විසඳීමට රෝහල් අධ්‍යක්ෂවරයා අපොහොසත්වී ඇතැයිද, මේ හේතුවෙන් හම්බන්තොට මූලික රෝහලේ හෙදියන් අපහසුතාවට පත්ව ඇතැයිද, ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට සූදානමින් සිටින බවද තංගල්ල මූලික රෝහලේ හෙද එකතුමුවේ සාමාජික ජූඩ් සිල්වා මහතා පැවසීය.