ටෝස්ට්මාස්ටර් තරගයෙන් තුන්වැනි තැන ලංකාවට By None // 2016 මැයි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජය සංවිධානය කළ 2016 සෞදි අරාබි ටෝස්ට්මාස්ටර් තරගාවලියේ ඉංග්‍රීසි භාෂා කථික තරගයෙන් තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් විය. අප්‍රේල් 21 සිට 23 දක්වා දමාම් හෝටලයේ පැවැත්වුණු මේ තරගයට 1200 ක් පමණ ටෝස්ට්මාස්ටර් සාමාජිකයෝ සහභාගි වුහ. තම තපොබ්රෙන් ටෝස්මාස්ටර් සමාජය නියෝජනය කරමින් සමාජ, පළාත්, කලාප හා අර්ධ අවසාන තරග සදහා ඉදිරිපත් වූ මිනුරි විජේසේකර අවසාන තරග සදහා සුදුසුකම් ලැබීය. වසර 20 කාලයක් සෞදි අරාබියේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු රවී විජේසේකර සහ චිත්රිකා විජේසේකර යුවලගේ දියණියක් වන මිනුරි විජේසේකර මෙනවිය සෞදි අරාබියේ වාණිජවේදී විද්‍යා උපාධි ධාරිනියක ලෙස හදාරමින් සිටින අතර සිංහල, ද්‍රවිඩ,සහ හින්දි යන භාෂා වලින් ගීත ගායනා කිරීමටද ඇති දක්ෂිකාවියකි. සෞදි අරාබියේ පරිඝනක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරනතම සොහොයුරු සංකල්ප විජේසේකර තම ලක්දිව ටෝස්මාස්ටර් සමාජය නියෝජනය කරමින් පුර්ව මහා තරග දක්වා සුදුසුකම් ලබා සිටින අතර අන්තර් ජාතික කතික තරගාවලියෙන් දෙවන තැන ලබා ගත්තේ දහස් ගණනක සාමාජික සාමාජිකාවන් අතරිනි. Facebook Twitter Google+ Recommended Articles දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රියේ කතාව මිහි මත ඇති “අපායේ දොරටුව” ගැන දන්නවා ද? වැඩිම රිළවු මහනුවර, වඳුරන් අනුරාධපුර - දඩුලේනුන් කුරුණෑගල මොළයට ‘චපයක්’ දමා විස්මිත වැඩ ගන්න අපටත් දැන් පුළුවන්! මාලනී, පෙරදිග මාතෘත්වයේ කැඩපතයි ජනපති ජේ. ආර්. මවිත කළ පින්තූරයක කතාව