(අනීෂා මානගේ)
බෙලිඅත්ත නගරයේ පිහිටා තිබූ උපකාරක පන්තියක වහලය අද(08) උදෑසන කඩා වැටීම නිසා එම පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යාවන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු පහලොව හා දහසය වයසේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්දෙනෙකි.
බෙලිඅත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් ඇත. ප්‍රදේශයට ඇදහැලුණු වර්ශාව හා ඇතිවී තිබූ සුළං තත්වයත් සමග ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී තිබේ. වහලය කඩා වැටෙන අවස්ථාව වන විට උපකාරක පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්සිය පනහක පමණ පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිට තිබේ.
තුවාල ලැබූ එක් සිසුවෙකු තංගල්ල මූලික රෝහලටත් අනිත් හය දෙනා බෙලිඅත්ත දිස්ත්‍රීක් රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.
වහලය කඩා වැටුණු ගොඩනැගිල්ල අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර එය නිසි ප්‍රමිතියකට අනුව ඉදිනොකිරීම නිසා මෙසේ කඩාවැටීමට ලක්ව ඇත්දැයි සොයා බලන බව පොලිසිය කියයි. ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි කොටස් අසල පිහිටි වෙළදසැල් මතට පතිත වීමෙන් එම වෙළදසැල් වලටද හානි සිදුව තිබේ.