(රංජිත් රාජපක්ෂ)
ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ ගිනිගත්හේන පිටවල පල්ලේවත්තේ පදිංචිව අනුෂ දිල්ෂාන් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
ගිනිගත්හේන රංජුරාව හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල දක්වා ධාවනය වූ යතුරුපැදිය සහ ගිනිගත්හෙනේ සිට හත්ලාන දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි ගිනිගත්හේන පොලිසිය කීය.
බැවුම් සහිත ප්‍රදේශයක ධාවනය වෙමින් තිබූ ටිපර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ යතුරුපැදියේ ගැටි යතුරුපැදිය අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගොස් ඇති බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසින් එක්ව යතුරුපැදිකරු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වී ඇති බවත් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.
යතුරුපැදිකරුගේ සහ ටිපර් රථ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුර හේතුව බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.