(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ පල්ලේවෙලදී අද(29) සිදුවූ ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරකින් ලොරියේ ගමන්ගත් රිය සහයකවරයා මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අන්තුඩුවාවිල හාලිඇල පදිංචිව පියසේන ලංකා තිලක නැමැති පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධියෙන් ලොරි රථයේ රියදුරුද තුවාල ලබා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කුලියාපිටිය සිට මාදම්පේ බලා අධික වේගයෙන් රා ප‍්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක් පල්ලේවෙල ප‍්‍රදේශයේදී එදෙසටම රිය බල්බ අක‍්‍රීය කර නවතා තිබූ විශාල ප‍්‍රමාණයේ ටිපර් රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇත.
අනාරක්‍ෂිත අන්දමින් ටිපර් රථයක් මාර්ගයේ නවතා තැබීම සම්බන්ධව ටිපර් රථයේ රියදුරු හා අපරීක්‍ෂාකාරීව ලොරි රථය පැදවූ බව රෝහල්ගතව සිටින රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.